Powered by Blogger.


තිබ්බතයේ ලාමාවරු භාවනාවෙන් සිය සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීමේ හැකියාව ලබා ඇතැයි සිංගප්පූරුවේ ජාතික විශ්වවිද්‍යාලයේ පර්යේෂනකින් තහවුරු වී ඇත. ලාමාවරු විසින් ජී-ටුම්මෝ ලෙස මේ භාවනා ක්‍රමය හඳුන්වයි. ලාමාවරු සළකන්නේ එය අතිශය පූජනීය භාවනා ක්‍රමයක් බවයි. ඉන් අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කැර ගැනීමට හැකි බව ලාමාවරුන්ගේ විශ්වාසයයි.
පර්යේෂකයන් පවසන්නේ තිබ්බතයේ හිමාලය ආසන්න අති දුෂ්කර ප්‍රදේශයක වාසය කරමින් ජී-ටුම්මෝ භාවනා ක්‍රමය ප්‍රගුණ කළ ලාමාවරු කිහිප දෙනකු තම පර්යේෂණයට යොදාගත් බවයි. ඒ පර්යේෂණය සඳහා ඊ.ඊ.ජී. උපකරණ යොදාගෙන ඇත.
පර්යේෂණය සිදුකළ කාලයේ දී ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් 25ක් තරම් පහළ බැස තිබුණ ද ධ්‍යානයට සමවැදී භාවනාවේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලාගේ සිරුරේ තෙත රෙදි එතූවිට ඒ රෙදි වියළී යන තරමට ඔවුන් තම සිරුරේ උෂ්ණත්වය වර්ධනය කරගෙන තිබූ බව ද පර්යේෂණ වාර්තාවේ සඳහන් කැර ඇත. ඔවුන් මේ පර්යේෂණය කැර ඇත්තේ අතේ ගෙන යා හැකි ඊ.ඊ.ජී. උපකරණ භාවිතා කරමිනි.

නොදුටු ගූගල් තැන්
අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනාගේ ඈස නොගෑටෙන තැන් අලලා එක්සෙන්සර් ෆිල්ම් ආයතනයත් එසෑණ පුවත් සේවයත් සකසන වර්ථාමය විඩියෝ වෑඩසටහනේ තවත් එක් වෑඩසටහනක් එලි දැක්විය.
අන්තර්ජාලයේ වෑඩිදෙනා භාවිතා කරන ගුගල් වෙබ් අඩවියේ ඇසගිය තැන් මෙමගින් කතා බහට ලක් වන අතර පහත විඩියෝවට යොමු විමෙන් එය නැරඹිය හැක.
 http://www.lankadeepa.lk/index.php/articles/229402



කෙඳි ආහාර කෑම රුචිය අඩුකරයි
අප ගන්නා ආහාර වල ඇති කෙඳිති සහිත ආහාර දිරවීමේ දී එමගින් ආහාර රුචිය මර්ධනය කරන ඇසිටේට් නැමැති සංයෝගය නිදහස් කරණු ලබන බව බ්‍රිතාන්‍ය පර්යේෂණයකින් සොයාගෙන ඇත.  යුරෝපියයන් දිනකට ගන්නා කෙඳි සහිත ආහාර ප්‍රමාණය අවුන්ස භාගයකට සීමා කර තිබේ. පර්යේෂකයන් පවසන්නේ ආදි ගල් යුගයේ විසූ අපේ මුතුන් මිත්තන් ආහාරයට කෙඳි ගෙන ඇත්තේ ඒයිනුත් 1/7 ක ප්‍රමාණයක්ය.
මෙම අධ්‍යනයේ ප්‍රධානි ලංඩන්හි ඉම්පීරියල් කොලේජ්හි හි ග්රේ ෆ්‍රොස්ට් පවසන්නේ අපේ එලවලු වලින් මාංශජනක ආහාර සහ කෙඳි අඩු ආහාර නිපදවීටම උදවු වන බවයි.
ආහාරයේ ඇති කෙඳි අන්ත්‍රයේදී ජීර්ණය වු විට  ස්වාභාවික ලෙස ඇසිටේට් නැමැති සංයෝගය මුදා හැරේ. පසුව මේවා මොළය වෙත ගමන් කරණ අතර එහිදී අප ගන්නා ආහාර ප්‍රමාණය නවත්වන ලෙස සංඥාවක් මගින් අපට දැනුම් දෙනු ලබන බව ස්වාභාවික සංනිවේදන සඟරාවේ  වාර්තාවක දක්වා තිබේ. මෙම සොයා ගැනීම හේතුවෙන් ඇසිටේට් අන්තර්ගත පෙති නිපදවීම හෝ සාමාණ්‍ය ප්‍රමාණයට වඩා  ඇසිටේට් වැඩි ප්‍රමාණයක් නිපදෙවන කෙඳිති සහිත සුපිරි ආහාර නිපදවීමට පටන් ගෙන තිබේ.
මෙහි අර්ථය නම් මිනිසුනට ඇසිටේට් මගින් තම ආහාර වේලේ විශාල වෙනස් කම් නොකර ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි. බ්‍රිතාන්‍යයන්ගෙන් ජනගහනයෙන් 2/3ක් පමණ ශරීරයේ බර වැඩිබවින් හෝ සථූලතාවයෙන් යුක්තය. මේ නිසා ස්ථුලතාවය නවත්වා ලීම සඳහා නව ක්‍රමවේදයන් සෙවීම හදිසි අවශ්‍යතාවයක් වි තිබේ. කෙඳි බහුල ආහාර ලෙස පොත්ත සහිත ධාන්‍ය පිටි, නිවුඩු  සහල්, පලතුරු සහ එළවළු, බෝංචි සහ පරිප්පු ප්‍රකටය. මීට ඉහතදී කරණ ලද පර්යේෂණ මගින් පෙන්වා දි ඇත්තේ කෙඳිතිමය ආහාර මගින් පෙනහලු වල ප්‍රදාහ තත්වය අඩුවී ඇදුම රෝගයෙන් ආරක්ෂා කරණ බවයි. තවත් කරුණක් නම් කෙඳි  ආහාර ගැනීමෙන් හෘදයාබාධ සහ ඇතැම් පිළිකා විශේෂයෙන් ගුදමාර්ගයේ පිළිකාවලට ඇති අවදානම අඩුකරණ බවයි.



පුලියන්කුලමට නිල් වැසි වැහැලා

Nil-wasi
අයහපත් කාලගුණය හේතුවෙන් ඇදහැලෙන තද වර්ෂාවත් සමග අනුරාධපුර පුලියන්කුලම බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයට නැවතත් තද පැහැති නිල් පැහැයෙන් යුත් වැස්සක් ඇද හැලී තිබේ. බදාදා (30) සවස ඇද හැලුනු වර්ෂාව සමග පතිත වු නිල් පැහැ ජලය එම ප්‍රදේශයේ නිවැසියෙකු විසින් එක්කාසු කරගෙන තිබුණි.අනුරාධපුර බණ්ඩාර පුලියන්කුලම ප්‍රදේශයේ පදිංචි ඩී.එම් වසන්ත මහතාගේ නිවසට මෙම නිල් පැහැති වර්ෂාව පතිත වී තිබුණි.එම වර්ෂාව විනාඩි කිහිපයකට පමණක් සීමා වී තිබු අතර තද නිල් පැහැයෙන් යුතු ජලය ලීටර් 04 ක් පමණ බාල්දියකට එක්කාසු වී තිබුණි.ගෙවත්තේ ජලය රැදී තිබු තැන්ද පරීක්ෂාවට ලක් කරද්දී එම ජලයද තද නිල් පැහැයෙන් යුක්තව තිබු අතර පුරුද්දක් වශයෙන් වර්ෂාව පතිතවද්දී ජලය එක්කාසු කර ගැනීම සදහා තමන් වැහැ පීලී යටින් භාජන තබන බව නිවැසියන් කියයි.මීට පෙර 2012 වසරේ දෙසැම්බර් මස 26 වනදින ප්‍රදේශයට ඇද හැලුනු වර්ෂාවෙන්ද නිල් පැහැති ජලය එක්කාසු වී ඇතැයි ඔවුන් කියයි. එක්කාසු කර තිබු ජල භාජනයට අත දමා අප විසින් කැලතු අතර ස්වල්ප වේලාවකට පසු එම අතෙහි දැඩි දැවිල්ලක් ද හට ගැනුණි.
Nil-wasi1ජායාරූප සටහන අනුරාධපුර - බුද්ධික මහේෂ් විජේසුරිය





0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය