Powered by Blogger.

පකිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්
පකිස්ථාන ක්‍රිකට් කණ්ඩා‍යමේ පිතිකරුවන්ගේ පුහුණුකරු ලෙස සිම්බාබ්වේ හිටපු පිතිකරු ග්‍රාන්ට් ෆ්ලවර් පත් කර තිබේ.
පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කළේ, ඔහු ලබන අගෝස්තු මාසයේ සිට වසර දෙකක් සඳහා එම ධුරයේ කටයුතු කරනු ඇති බව ය.
එංගලන්තයේ හිටපු පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර්ගේ බාල සොහොයුරා වන ග්‍රාන්ට් ෆ්ලවර් ලබන අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන ක්‍රිකට් තරගාවලිය සඳහා පකිස්ථාන කණ්ඩායම සමග එක්වීමට නියමිත ය.
පකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වකාර් යුනිස් පත් කර ඇති අතර මුෂ්ටාක් අහමඩ් දඟ පන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇත.
43 හැවිරිදි ග්‍රාන්ට් ෆ්ලවර් ටෙස්ට් තරග 67කට සහ එක්දින තරග 221කට සහභාගි වී තිබේ.
ටෙස්ට් තරගයකදී ඔහු රැස් කළ වැඩි ම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 201 පකිස්ථානයට එරෙහිව වාර්තා කිරීම විශේෂත්වයකි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය