Powered by Blogger.


ගාල්ල, කලේගාන සතොස වෙළෙඳසැලේ බඩු එම වෙළෙඳසැලේ මුරකරුවා හා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙක් එක්ව සොරකම් කළ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට තිදෙනෙකු ගාල්ල පෝද්දල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආරක්ෂක වීදුරු කඩා වෙළෙඳසැලට ඇතුලූ වූ මෙම පිරිස වෙළෙඳසැලේ බඩු හොරකම් කරගෙන ගොස් තිබෙන බව පොලීසිය සිදුකළ පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. මෙම සැකකරුවෝ පෝද්දල හා හපුගල පදිංචිකරුවෝ වෙති.
පසුගිය 01වැනි දින මෙම හොරකම් සිදු වී ඇති අතර, එම සිද්ධියට සම්බන්ධ සැකකරුවෝ ගාල්ල  වැඩබලන  මහෙස්ත‍්‍රාත්  ජී. තිරාණගම මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙමස 08වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ඒ මහතා නියෝග කළේය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය