Powered by Blogger.

පසුගියදා කැළණිය ටයර් හන්දියේදී පෑලියගොඩ නාගරික මන්ත‍්‍රී ශ්‍යාමිල් සදරුවන් මහතාගේ ඝාතනය ගැන ප‍්‍රශ්න කිරීමට නියමිතව  සිටි කැලණිය ප‍්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකු රටින් පලායාමට  තැත් කරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.
මේ හේතුවෙන් පරීක්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තාකොට ඔහු රටින් පිටවීම වැළැක්වීමට කටයුතු කරන බවද පොලීසිය කියයි.
මන්ත‍්‍රී ඝාතනය සිදුවීමට පෙර මෙම කෝටිපති ව්‍යාපාරිකයා ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පාතාල සාමාජිකයෙකු ඔහුගේ නිවසට ගෙන්වාගෙන නවාතැන් දී ඇති බවට තොරතුරු ලැබුණ බවත් හමුදාවෙන් පැනගිය පුද්ගලයෙකු වන මෙම පාතාල සාමාජිකයා මොහුගේ නිවසට ගෙන්ව ගත්තේ කුමක් සදහාදැයි හෙළිකර ගැනීමට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කරයි.
අදාල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ වනවිට පොලීසිය 20 දෙනෙකුගෙන් පමණ ප‍්‍රශ්න කර තිබිණි.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය