Powered by Blogger.


ඒ වෙලාවට හොඳම දේ තමයි නිශ්ශබ්දතාවය

දැවැන්තයෝ, ඒ කියන්නේ "ළංවෙන්න බැරි අතු"ඟට කවුරුත් යන්නේ ටිකක්‌ බයෙන්. ඒ වගේ අයට කේන්ති යනවා, රතුකට්‌ට පනිනවා කියන්නේ සාමාන්‍ය දෙයක්‌. අපේ කලා ක්‍ෂේත්‍රයේ සිටින එවැනි දැවැන්ත චරිතයක්‌ සමග "රතුකට්‌ට පැනපු තැනෙදී අප හමු වුණා. මේ ශ්‍රියන්ත මෙන්ඩිස්‌.

සාමාන්‍යයෙන් ගත්තොත් ශ්‍රියන්ත මෙන්ඩිස්‌ කියන්නේ කේන්ති යන කෝප වෙන චරිතයක්‌ද.....?

සාමාන්‍යයෙන් ඕනෑම කෙනකු තුළ කෝපාවිෂ්ට වෙන ගතිය තියෙනවා. මොකක්‌ හරි අසාධාරණයක්‌, නොපනත් කමක්‌ එහෙමත් නැත්නම් අපට ගැලපෙන්නේ නැති විදිහේ අවුල් සහගත දෙයක්‌ වූ වෙලාවට නම් මටත් කේන්ති යනවා.

ගෙදර දොරේදීත් කේන්ති යනවාද?

පිළිවෙළකට යමක්‌ නොතිබුණොත් ගෙදර දොරේදී කේන්ති යන්න පුළුවන්. ඒවා එච්චර දුර යන එකක්‌ නොවෙයි. එක නිමේෂයයි, සරලයි. එතැනින් ඉවරයි. ඒක දිගින් දිගටම තබාගැනීමේ පුරුද්දක්‌, ගුණයක්‌ මට නැහැ.

ශ්‍රියන්ත මෙන්ඩිස්‌ කියන්නේ අපේ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයෙක්‌. සම්මානලාභියෙක්‌ ඒ විතරක්‌ නෙමෙයි නාට්‍ය අනුමණ්‌ඩලයේ සභාපති තනතුර වැනි ලොකු පුටු දරන චරිතයක්‌. ඒ නිසා දැන් ටිකක්‌ වැඩිපුර කේන්ති යනවා ඇති නේද.......?

මහා හඬින් සිනාසෙයි.

මෙන්න මෙහෙමයි. අපි බොහොම පැහැදිලි මනසින් හා පැහැදිලි හදවතින් යමක්‌ කළාට පස්‌සේ, ඒවා නිවැරැදි තත්ත්වයකින් තොරව විවේචනය කරන කොට නම් හදවත ඇතුළෙන් කේන්තියක්‌ මතුවෙනවා. ඒක කණගාටුවක්‌ බවටත් පත්වෙනවා. නමුත් එහෙම වුණායි කියලා මේක අතහැරලා දාලා එවැනි වැඩකටයුතු අතහරින්නෙත් නැහැ. ඒ කේන්තිය තමයි යළි පන්නරය බවට පත් කරගන්නේ, හෙට දවසේ ඊට වඩා හොඳ දෙයක්‌ කරන්න.

ඒවගේ වෙලාවල්වලදී නම් රතු කට්‌ට පනිනවා ඇති නේද.....?

නැහැ..... ඒවගේ වෙලාවල්වලට හොඳම උත්තරය තමයි, නිශ්ශබ්දතාවය. නිශ්ශබ්දතාවය තුළ මහා ගැඹුරක්‌ ගැබ්වෙලා තියෙනවා. ඒ ගැඹුරට මම කැමැතියි.

කලා ක්‍ෂේත්‍රයේදී ඔබට කේන්ති ගිහිල්ලා තියෙන්නේ කොයි වගේ වෙලාවල්වලද...?

ක්‍ෂේත්‍රයේදී කේන්ති යන්නේ, කලාකරුවාට අවශ්‍ය ස්‌ථානය නොලැබෙන කොට. කලාකරුවාට යම් ස්‌ථානයක්‌ මේ ක්‍ෂේත්‍රයේදී සමාජ ගත වෙලා තියෙනවා. ඒ මට්‌ටමෙන් පහළට කලාකරුවා තල්ලු කරන කොට නම් කේන්ති යනවා. ඒ වගේ වෙලාවල නම් රතු කට්‌ට පැනලා අඩදබර කරගන්න අවස්‌ථාවලුත් නැත්තේද නොවේ. කලාකරුවාට ආදරය කරනවා නම් ඔහුට අවශ්‍ය ස්‌ථානය සාදා දෙන්න ඕනේ.

රතු කට්‌ට පැනපු ඒ වගේ අවස්‌ථාවක්‌ මතක්‌ කරගන්න පුළුවන්ද?

සමහර වෙලාවට ආහාර පාන, වේතන ලබා නොදීම වගේ තැන්වලදී මට කේන්ති යනවා. මාධ්‍යයෙන් කලාකරුවකුට අඩම්තේට්‌ටම් කරපු වෙලාවලදීත් එහෙමයි.

* ඔසිත

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය