Powered by Blogger.

සේනානායක වේරලියද්ද තම ගමන අරඹන්නේ රාජ්‍ය නැටුම් කණ්ඩායමේ නැට්ටුවෙක්ගේ භූමිකාවෙන්ය. ඔහු ගායනයට එක්වන්නේ ඉන් අනතුරුවයි. සිරිල් පෙරේරාගේ සංගීතයෙන් විජය ගුණසිංහගේ රචනයෙන් එළිදැක්වූ කුස පබාවතී පුවතක් ඔහු හිනිපෙත්තට ගෙන ගිය ගීයක් විය.
අද ඔහු මෙරට සුප්‍රසිද්ධ ගායන ශිල්පියකු ලෙස කටයුතු කරන අතර මෑතක ඔහු ලියාරා සංගීත කණ්ඩායමේ සංගීත වේදිකාවට නැග පෙරළි කරන්නට පටන්ගෙන ඇත්තේ ඔහුගේ ඥාතියෙක් වේරලියද්ද නමින් ගී ගයනවා කියාය. ඔහු නමින් දුලාන්ය. ප්‍රවීණ ගායන ශිල්පියකුට නොවටිනා ක්‍රියාවක යෙදෙතැයි කියා සේනානායක වේරලියද්දට චෝදනා කරන ලියාරා සංගීත කණ්ඩායමේ නායක ප්‍රසන්න ගුණසේකර සිය ආරක්ෂාව වෙනුවෙන් මාධ්‍ය හමුවට පැමිණීමට තීරණය කළේය. මේ ඔවුන් රිවිර සමග එක්වූ අන්දමයි.

මොකක්ද මේ වේරලියද්ද පවු‍ලේ ඇති වුණ ප්‍රශ්නය? ඒ ප්‍රශ්නය මං යොමු කළේ දුලාන් වේරලියද්දට.
සේනානායක වේරලියද්ද කියන්නේ මගේ අම්මාගේ ලොකු අප්පච්චිගේ පුතා. පුද්ගලයෙක් වශයෙන් මං ගොඩාක් ගරු කරන පුද්ගලයෙක්. ඒත් ඔහුගේ සිංදු කියලා ප්‍රසිද්ධ වෙන්නවත් පැවැත්මක් හදාගන්න තරම් අපි බංකොලොත් වෙලා නැහැ.

ඒ කියන්නේ දුලාන් සේනානායක වේරලියද්දගේ ගීත ගායනා කරලම නැද්ද?
ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නේ ලියාරා සංගීත කණ්ඩායමේ නායක ප්‍රසන්න ගුණසේකර.මට දුලාන් වේරලියද්දව මුණගැහුණේ මීට අවුරුදු පහකට ඉස්සර හොරොව්පතානේදී. දුලාන් වේරලියද්ද කියන නම භාවිත කළේ එයාගේ අම්මාගේ වාසගම නිසා. නමුත් දුලාන් අපේ කණ්ඩායමට එකතු වෙලා ගායනා කරන්න පටන් ගත්තම ඒ කා‍ලේ ඉඳලම සේනානායක වේරලියද්ද අපිට කිව්වා දුලාන්ව සංගීත කණ්ඩායමෙන් ඉවත් කරන්න කියලා. නමුත් අපි එහෙම කළේ නැහැ. මුලදී දුලාන් සේනානායක වේරලියද්දගේ ගීත ගායනා කළා. ඒකට අකැමැති වුණ ගමන් ඒ වැඩේ අපි නතර කළා. දුලාන්ට එයාගේ අනන්‍යතාවක් තියෙන ගීත අපි නිර්මාණය කළා.

එතකොට මේ ගැටුමක් නිර්මාණය වුණේ කොහොමද?
මීට අවුරුදු දෙකකට කලින් මහනුවර ප්‍රදේශයේදී සංගීත ප්‍රසංගයක් තිබුණා. එතනදී දුලාන් වේදිකාවේ ඉන්නවා දැකලා සේනානායක වේරලියද්ද කිව්වා දුලාන් වේදිකාවේ ඉන්නවා නම් එයාට ප්‍රසංගයට ඉදිරිපත් වෙන්න බැහැ කියලා. එදා අපිට වේරලියද්ද තර්ජනය කළා. නමුත් අපි ප්‍රශ්නයක් ඇතිකරගන්න කැමැති වුණේ නැහැ.

මොකක්ද මෙහෙම තර්ජනය කරන්න හේතුව?
එයා කියනවා දුලාන්ට වේරලියද්ද කියන වාසගම භාවිත කරන්න එපාලු. ඒක වැරදියිලු. එයා ඥාති නමෛයි කියනවා. නමුත් අපි කවදාවත් දුලාන්ව වේරලියද්දගේ පුතා කියලා වේදිකාවට නග්ගලා නැහැ. නමුත් සමහර අවස්ථාවල නිවේදක කටයුතු කරන අය මෙයාව හඳුන්වලා දෙන්නේ වේරලියද්ද පරම්පරාවේ පුරුකක් කියලා.

ආයෙත් මේ ප්‍රශ්නය මතු වුණේ කොහොමද?
සති තුනකට කලින් අප්‍රේල් 6 වැනිදා වේරලියද්දගේ ගෙදර වැඩ කරන කෙනෙක්  ගලෙන්බිඳුණු වැව, දුටුවැව අපේ ගෙදරට ආවා. ඇවිත් මට සිංදු කියන්න එපා කියලා තර්ජනය කළා.දුලාන් වේරලියද්ද තමන්ගේ කතාව අපට කියන්නට පටන් ගත්තා.එයා කිව්වේ සේනානායක වේරලියද්දගෙන් එයාටත් කරදරයි. ඒ නිසා මට සිංදු කියන්න එපා කිව්වා. අන්තිමට ඒ කතාව දුරදිග ගිහින් ගහගත්තා. නමුත් ඒ ගහපු පාරක් වැදුණේ මගේ අප්පච්චිට. අප්පච්චි දවස් තුනක් රෝහල් ගත වුණා.

ඉතින් නීතිය මගින් මොනවත් කළේ නැද්ද?
ගලෙන්බිඳුණුවැව ‍පොලිසියේ මේ ගැන පැමිණිල්ලක් දැම්මා. ඇත්තටම අපි එයාට ගොඩක් ආදරෙයි. මං කවදාවත් එයාගේ පුතා කියලා නැහැ. ඒ නිසාම උසාවි ඉදිරිපත් කරන්නේ නැතිව ප්‍රශ්නය විසඳගන්න අපි කැමැති වුණා.

ප්‍රශ්නය ඉතින් විසඳුණාද? ඒ ප්‍රශ්නය යොමු කළේ ප්‍රසන්න ගුණසේකරට.
නැහැ. අප්‍රේල් 15දා ජාතික රූපවාහිනියේ ඇඹිලිපිටියේ සංගීත සංදර්ශනයක් තිබුණා. එදා සංගීතය මෙහෙයවූයේ අපි. දුලාන්ටත් ගායනා කරන්න ආරාධනාවක් ලැබුණා. රාත්‍රී 1.30ට පමණ සේනානායක වේරලියද්ද වේදිකාවට නගින්න ලෑස්ති වුණා. නමුත් දුලාන් ඉන්නවා දැක්කම එයා කිව්වා වේදිකාවට නගින්න බැහැ. දුලාන්ව බැස්සුවොත් එයා නගින්නම් කියලා. එයා තර්ජනය කළා. එයා කිව්වෙම එයාට ගායනා කරන්න බැහැ, දුලාන් හිටියොත් කියලා. පස්සේ මං කිව්වා එයාට ආරාධනා කළේ ජාතික රූපවාහිනියෙන්. අනික මගේ කෙනෙක්ව බස්සන්න බැහැ කියලා. ඔයාට කැමැති තීරණයක් ගන්න කියලා.

ඒ නිසා එතන බහින්බස්වීමක් ඇති වුණා. අන්තිමට ප්‍රසංගය නතර කරන්න ජාතික රූපවාහිනිය තීරණය කළා. ප්‍රසංගයෙන් එයාට යන්න කිව්වා.ඇත්තටම මාධ්‍යයක් ලෙස ඒ වෙලාවේ ඒ අය සාධාරණ විසඳුමක් ලබා දුන්නා. කාගෙවත් පැත්ත ගත්තේ නැහැ.
අපි අවුරුදු 15ක් තිස්සේ මේ රස්සාව කරන්නේ. කාගෙවත් තර්ජනවලට බයවෙලා අපි ඉන්න කැමැති නැහැ. එහෙම වැඩ කරන්නෙත් නැහැ.

මෙහෙම ප්‍රශ්නයක් ඇති වෙන්න හේතුව මොකක්ද?
ඒක නම් කියන්න දන්නෙ නැහැ. අපි කළේ ගමක හිටපු කෙනෙක්ව කොළඹට අරන් ඇවිත් ඒ කෙනාට යමක් කරන්න පුළුවන් කියලා රටට හඳුන්වලා දීපු එක. එදා ප්‍රසංගයට ඇවිත් හිටපු පිරිසත් කිව්වේ තමන්ගේ පරම්පරාවේ කෙනෙක් ඉස්සරහට ගන්න නම් අත දෙන්න ඕන කියලා. අනික දුලාන් තමන්ගෙම උත්සාහයෙන් වැඩ කරන කෙනෙක්.

ඉදිරියේදී මේ ගැන මොන වගේ තීරණයක්ද ගන්නේ?
අපි තීරණය කළා අප්‍රේල් 15න් පස්සේ කිසිම දවසක සේනානායක වේරලියද්ද එක්ක වැඩ කරන්නේ නැහැ කියලා. එහෙම ලැබුණු අවස්ථා අපි මගහැරියා. වගකිවයුත්තන්ට කියලා එයාව ගෙන්නන එක නතර කළා.

ඇයි මේ දේ මාධ්‍යයට කියන්න හිතුවේ?
අපිට තර්ජනය කරන නිසා. අපිට ආරක්ෂාවක් ඕන නිසයි අපි මේ දේ කියන්නේ. අපිට මේ හරහා ප්‍රසිද්ධ වෙන්න නම් කොහොමත් අවශ්‍ය නැහැ.
ශකිලා රාජපක්ෂ
http://www.rivira.lk/edition/images/2014/05/04/team.jpg

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය