Powered by Blogger.

ජීවිතයේ ඉතා වැදගත් අවස්‌ථා තුනක්‌ තිබේ. පළමුවැන්න උපතයි. දෙවැන්න විපත හෙවත් මරණයයි. තුන්වැන්න වනාහී නැවත උපතක්‌ සිදුවනවා යෑයි කිව හැකි විවාහයයි.

මෙයින් උපත අපට පාලනය කළ නොහැකිය. දැනටමත් එය සිදු වී හමාරය. විපත ද පාලනය කළ නොහැකිය. එය සිදුවන්නේ අවසාන වශයෙන් අපගේ සෞඛ්‍ය පිරිහී ඇති විටය. එබැවින් ඔබටත් මටත් අපේ පාලනය පරිදි අභිමානය පරිදි සිදුකළ හැක්‌කේ විවාහය පමණි. විවාහ මංගල උත්සවය තමන්ට කැමති පරිදි පහසු ලෙස කළ යුතුවාක්‌ මෙන්ම ඊට හැකියාවක්‌ ද ඇති බැවිනි.

එහෙත් පුදුමය වන්නේ මෙකල බොහෝ දෙනෙකුට තමන්ගේම මංගල අවස්‌ථාව තමන් කැමති පරිදි කරගත නොහැකි වීමයි. එය බොහෝ දුරට සිදුවන්නේ වෙනත් අයට ඕනෑ අන්දමට බවත්, විවාහ මංගල උත්සවය අවස්‌ථාවේ මනාල යුවල රූකඩ බවට පත්වන බවත් පෙනී යයි.

ජන ජීවිතය වෙලාගෙන ඇති නූතන වාණිජ රැල්ල විසින් වත්මන් මනාලයා හා මනාලිය රූකඩ බවට පත් කරන බවත්, අවසානයේ ණයකරුවන් බවට පත් කරන බවත් පෙනේ.

හෝටල්වල ඉඩ තිබේද? යන්න ඡායාරූප ශිල්පීන් ගේ වුවමනාව, රූප ලාවන්‍ය ශිල්පීන්ගේ අවශ්‍යතාව, හිත මිතුරන්ගේ උත්සවවලට සමාන කර ගැනීමට යැම, විදේශගත ඥාතියා පැමිණෙන දිනය ආදිය මගින් මංගල නැකත් පංතිය ද අභියෝගයට ලක්‌ කෙරේ.

"අපිට ලබන සැප්තැම්බර්Êමාසෙ දහයත් විස්‌සත් අතරෙ දවසක වෙඩින් එක ගන්න නැකත් හදා ගන්නඕන" මෙවැනි ඉල්ලීම් කරන අය බොහෝ ය. "ඇයි ඒ.....?" යෑයි ඇසූ විට ඔවුන්දෙන්නේ මෙවැනි පිළිතුරකි.

"මෙයාගෙ අයියා ඉන්නෙ පිටරට. එයා එන්නේ සැප්තැම්බර් මුල. එයා කියනව ඒ දිනවලටම ගන්න කියලා ඒකයි."

මේ අතර මෙවැනි යෝජනාවක්‌ ද පැන නගී

"එතනිනුත් සැප්තැම්බර්Êදාහතර ගන්න බෑ. දැනටමත් හෝටලේ බුක්‌ වෙලා."

"ඉතිං දැන් ඔයගොල්ලො නැකතෙන් බාගයක්‌ම හදල ඉවරයිනේ. මේ කේන්දර ටිකත් අරගෙන ගිහිල්ලා ඉතුරු ටිකත් හදාගන්න" යෑයි කීමට ජ්‍යෝaතිෂ්ශාස්‌ත්‍රඥයාට සිදුවීම පුදුමයට කරුණක්‌ නොවේ.

නැකත යනු අභිනව යුවතිපතීන්ට ශුභ වේලාවක්‌ උදාකර ගැනීමයි. කුශල කර්ම ශක්‌තිය බලවත්වන වේලාව නැකතයි. එය සෙවිය යුත්තේ ජන්ම පත්‍ර පරීක්‍ෂාවෙනි. මෙය ඉතා දුෂ්කර වන්නේ දෙදෙනෙකුටම ගලපන විටය. එක්‌ අයෙකුට ගැලපෙන දිනය අනෙකාටත් ගැලපෙන්නේ නැත. මේ දුෂ්කර කටයුත්තට හෝටලේ ඉඩ තිබේද යන්න හෝ පිටරටක සිටින කෙනෙකුට නිවාඩු ලැබෙන දිනය කිසිසේත්ම බලපාන්නේ නැත. එහෙත් වත්මන් ජ්‍යෝaතිෂ් ශාස්‌ත්‍රඥයාට මේ අභියෝගයට මුහුණ දීමට සිදු වී තිබේ. වඩාත් ගැටලුවක්‌ වන්නේ මනාලියට තම නිවසින් පිටත්වීමට සාදන නැකතටය. එක්‌තරා මනාලියක්‌ අපට මෙවැනි ඉල්ලීමක්‌ ඉදිරිපත් කළාය.

"මහත්තය මට අන්දවන්නේ කිරිබත්ගොඩ සැලොන් එකේ."

"හා- ඉතිං"

"ඉතිං එතනට පැය හතරක්‌ වත් ඕන කීව"

"හරි"

"ඒ උනාට පාන්දර හයටවත් ගෝලෙෆ්aස්‌ එකේ ඉන්න ඕන."

"ඇයි ඒ?"

"පොටෝ ගන්න. අව්ව වැටෙන්න කලිං ගන්න ෙෆාටෝ තියනවලු."

"හරි එතකොට කිරිබත්ගොඩින් පාන්දර පහටවත් යන්න ඕන" මම ඇසුවෙමි.

"ඔව්"

"පාන්දර එකටවත් අන්දවන්න පටන් ගන්න ඕන"

"ඔව්"

"කිරිබත්ගොඩට යන්න මෙහෙ ඉඳල කොච්චර වෙලා යනවද?"

"පාන්දර නිසා පැයක්‌ විතර"

"එතකොට ගෙදරින් රෑ දොළහට යන්න ඕන"

ඊළඟට මට ඇසිය යුතුව තිබුණේ පිස්‌සුද? යන්න පමණකි. රෑ දොළහට මනාලියකට නිවසින් පිටත් වීමට නැකතක්‌ යෙදෙන්නේ ද නැත. ඒ වේලාවට යන්නට නම් ඇයට නිදා ගැනීමට කාලයක්‌ ලැබෙන්නේ ද නැත. උත්සවයට පෙර දින තවත් ඥාතීන් පිරිස්‌ ද නිවසේ සිටී. නිදිමත, තෙහෙට්‌ටුව සහිත මනාලිය පසු දිනට සිටින්නේ දුර්වල සෞඛ්‍ය තත්ත්වයකිනි.

මේ සියල්ලටම වඩා වැදගත් වන්නේ මංගල උත්සවයේ මූලික පරමාර්ථය මෙහිදී අහිමි වීමයි. විවාහයක පරමාර්ථය වන්නේ දරු උපතයි. නැකත් සාදන්නේ ද පින්වත් දරුවකු පිළිබඳ ගැනීමේ අපේක්‍ෂාවෙනි.

එහෙත් විඩාබරව, නිදිමතේ, වෙහෙස වී සිටින විටෙක එක්‌වන මවුපියන්ට දාව උපදින දරුවකු ද ශරීර ශක්‌තියෙන් දුර්වල රෝගී දරුවෙකු විය හැකි බව වෛද්‍ය මතයයි.

මෙවැනි මහ රෑ යැමට කැමැත්තක්‌ ඇත්ත වශයෙන්ම මනාලියට හෝ මවුපියන්ට නැත. එය සිදුවන්නේ රූපලාවන්‍ය ශිල්පීන්ගේ අවශ්‍යතාව අනුවය. සමහරු රූපලාවන්‍ය ශිල්පීන් එකම නැකත් දිනයක මනාලියන් කිහිපදෙනකු හැඩගැන්වීමට භාර ගනී. ඒ ආර්ථික වාසිය සලසා විය හැකිය. එහි සාධාරණ බවක්‌ ද තිබෙන්නට පුළුවන්. එහෙත් තමන්ගේ ශරිර සෞඛ්‍ය තත්ත්වය රැක ගැනීමත්, ශුභ නැකත් වේලාවන් බලා නිවසින් පිටවීමත් මනාලියන්ගේත් වැඩිහිටියන්ගේත් වගකීමකි.

යුවතිපති දෙපළක්‌ මංගල පෝරුවක්‌ මත නංවා ආශිර්වාද කිරීම චිරාගත චාරිත්‍රයකි. එමෙන්ම ඒ සඳහා වාසනාවක්‌ ද තිබිය යුතු වේ. මංගල පෝරුව ශාස්‌ත්‍රානුකූලව නිර්මාණය කරනු ලබන අතර බුදුගුණ. අෂ්ඨක, ජයමංගල ගීත ගායනා ආදිය කරමින් දෙපළට ආශිර්වාද කරන අවස්‌ථාව සැබැවින් ම ආකර්ශනීයය. මේ අවස්‌ථාව වසර සියයක්‌ පමණ මතකයේ රඳවා ගැනීමට නිර්මාණාත්මක ඡායාරූපකරණයේ යෙදෙන ඡායාරූප ශිල්පීන් දෙන දායකත්වය සුළුපටු නොවේ.

එහෙත් සමහර ඡායාරූප ශිල්පීන් කරන්නේ මේ සංස්‌කෘතික අංශය අවුල් කිරීමයි. ඔවුන් චාරිත්‍ර සිදුකරන විට වරින්වර බාධා කරමින්, නතර කරමින්a පිරිස ඉවත් කරමින් චිත්‍රපටයක්‌ රූගත කරනවාක්‌ මෙන් 'රඟපාන' අවස්‌ථා දක්‌නට ලැබේ. මෙය උත්සයට කරන අනවශ්‍ය බාධාවකි.

මෙහිදී අප හිතවත් කෘතහස්‌ත ඡායාරූප ශිල්පියකු පැවසූ අදහසක්‌ මතකයට නැගේ.

"මඟුල් ගෙයක්‌ ගන්නේ ෙෆාටෝ ගන්න හින්ද නොවේ. ෙෆාටෝ ගන්නේ මඟුල් ගෙයක්‌ කරන හින්දයි. අපි දැනගන්න ඕන පුටුවක්‌ උඩ නැගල හරි වුවමනා වේලාවට ෙෆාටෝ එක ගන්න."

මේ නූතන ඡායාරූප ශිල්පීන්ට වටිනා අදහසකි.

විවාහ මංගල උත්සයක වටිනාම නැකත වන්නේ මනාලිය මනාලයාගේ නිවසට ඇතුළුවන වේලාවය. මනමාලියක්‌ ගේනවා යන්නෙන් කියෑවෙන්නේ ද මේ වේලාව ගැනයි. මනාලියක්‌ මනාලයාගේ නිවසට ඇතුළු වීම ද ශුභ නැකතකට කළ යුතුය. මක්‌ නිසාද යත් ඇය එතෙක්‌ ජීවත් වූ මවුපියන්, ගේ දොර, ඥාතීන්ගෙන් වෙන්ව අලුත් නිවසක අලුත් ජීවිතයක්‌ අරඹන දිනය වන බැවිනි.

එහෙත් මේ වෙලාව සෑදීම ද අද බරපතළ ගැටලුවක්‌ ව තිබේ. බොහෝ විවාහ උත්සවවල දෙවැනි ගමන පිළිබඳ උත්සව ගන්නේ හෝටලයක රාත්‍රි කාලයේ ය. මධුවිත. නැටුම් ගැයුම් සහිත මේ ප්‍රිය සම්භාෂණය නිමවන්නේ රාත්‍රි දොළහ එක වන විට හෝ ඊටත් පසුවය.

එවිට මනාලිය මනාලයාගේ නිවසට කැඳවාගෙන යා යුතු වන්නේ රෑ දෙකට තුනට පමණය. මෙය කිසිසේත් ම සුදුසු නොවේ. මේ වෙලාව වෙනස්‌ කර යොදා ගැනීමට යුවළ සැලකිලිමත් විය යුතු වේ.

නැතිනම් දහවල් හෝ උදේ ශුභ නැතකින් නිවසට ගොස්‌ ඉන් පසුව උත්සව ශාලාවට යැම සුදුසුය. නැතහොත් ඒ සඳහා පසුදින යොදාගත යුතු වේ.

"අපිට මංගල නැකත් හදා ගන්න ඕන" අප වෙත පැමිණි තරුණ යුවළක්‌ ඉල්ලා සිටියහ. ඔවුන් වසරක්‌ පමණ ඇසුරු කර ඇති බවත් පැවසූහ. ඉල්ලා සිටියේ විවාහය ලියාපදිංචි කරන නැකත පමණි.

"පොරොන්දම් ගැලපීම ගැන බලල තියෙනවද?"

"නෑ. නෑ."

"ඇයි ඒ?"

"පොරොන්දම් බලන්න ඕන නෑ. අපි ඉතිං අඳුරනවනේ. දැං කොහොමත් මේක කරන්න ඕන"

"හරි ඉතිං ලියාපදිංචිය විතරක්‌ කරන්නේ ඇයි?" මඟුල් ගේ ගන්නෙ කවද්දද?

"ඒකට තාම තීරණයක්‌ නෑ"

"ඉතිං බඳින්නෙ?"

"ඊට පස්‌සෙ රට යනව. රට ගිහිං ඇවිත් වෙඩින් එක ගන්නව"

විවාහ උත්සව දිනයක්‌ ගැන කිසි අවධානයක්‌ නැතිව ස්‌ථිර ජීවන තත්ත්වයක්‌ ද නැතිව මෙසේ විවාහ ලියාපදිංචි වීම අනතුරුදායකය.විදේශගතව වසර කිහිපයක්‌ යන විට හිත් වෙනස්‌වීම නිසා ප්‍රශ්නය විස¹ ගැනීමට උසාවිවල රස්‌තියාදු වන නීතියට පමණක්‌ විවාහ වූ යුවතිපතීන් බහුලය.

අඹු - සැමි යුවළක්‌ වසරකට වැඩිකාලයක්‌ එක නිවසක ජීවත් වීම විවාහය ලෙස ජ්‍යෝaතිෂයේ අර්ථ දැක්‌වේ. මේ හැර නීති පොත්වල අත්සන් තැබීම විවාහය නොවේ. උත්සවය පවත්වන දිනයක අලංකාර ඇඳුම් පැළඳුම් වලින් සැරසී හිත මිතුරන් මැද විවාහයට අත්සන් තැබීම වඩාත් හොඳ නොවේද? මේ පිළිබඳව සිතා බැලීම කාලෝචිතය.

ඔබ විවාහයට සූදානම් නම් ඒ පිළිබඳව සුදුසුම කාලය තෝරා දීමට දක්‍ෂ ජ්‍යෝතිෂ් ශාස්‌ත්‍රඥයකුට භාර දෙන්න. දිනය ශුභ නම් හෝටල් ගැන බිය විය යුතු නොවේ. ඒ දිනයට සහභාගි වීම ඥාතීන්ගේ යුතුකමකි.

මෙහිදී අනවශ්‍ය වගකීම් බැහැර කරන්න. අනවශ්‍ය වියදම් කපා හරින්න. මනාලයා හෝ මනාලිය වන ඔබ අනතුරුදායක වේලාවක මහ රෑ පිටත්වීම ප්‍රතික්‍ෂේප කරන්න. ඔබ විවාහයට නවකයෙකි. මේ නවක භාවය නිසා නූතන වාණිජ රැල්ලට ගොදුරු නොවන්න. ඔබට අවශ්‍ය දේ පමණක්‌ කරන්න. අන් කිසිවෙකුගේ රූකඩයක්‌ බවට පත් නොවන බවට සැක හැර දැනගන්න. ඔබ දෙපළ යහපත් දරු පරපුරක ආරම්භකයන් වන්න. විවාහයේ අවසාන පරමාර්ථය එයයි.
 

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය