Powered by Blogger.

ඉන්දියාවේ දුම්රියක අද උදැසන බෝම්බ පිපිරීම් දෙකක් සිදුවී තිබේ.

චෙන්නායිහි මධ්‍යම දුම්රිය පොලෙහි නවතා තිබු දුම්රියක නිදන මැදිරි දෙකක මෙම බෝම්බ පිපිරීම් සිදුවී ඇති අතර එහිදී 24 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 9 දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබුවන්ගෙන් දෙදෙනෙකුට අසාද්‍ය බවද මාධ්‍ය වාර්තා පවසයි.

දුම්රිය ස්ථානයේ සැකකටයුතු ලෙස සැඟවී සිටි පුද්ගලයෙකු සිද්ධිය සම්බන්දයෙන් එරට ආරක්ෂක අංශ විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

රට පුරා අද මැයි රැලි 25ක්
ලෝක කම්කරු දිනය නිමිත්තෙන් විවිධ දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන කණ්ඩායම් විසින් දිවයින පුරා  අද (01) මැයි රැළි හා පෙළපාලි 25 ක් පැවැත්වේ.
එම මැයි දින රැළි සහ පෙළපාලිවලින් 20ක් කොළඹ නගරය ආශි‍්‍රතව පැවැත්වෙන අතර රැළි 5ක් අම්පාර, බණ්ඩාරවෙල, හැටන්, තලවකැලේ සහ මස්කෙළිය ආදී  පිටපළාත්වල පැවැත්වීමට නියමිතය.
කොළඹ පැවැත්වෙන රැළි අතර විශාලම රැළිය වන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් බොරැල්ල කැම්බල් පිටියේදී පස්වරු 3.00ට පවත්වන රැළියයි.
ඊට අමතරව මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ලංකා බැංකු සේවක සංගමය, ලංකා වෙළෙද කාර්මික සහ පොදු කම්කරු සංගමය, නිදහස් වෙළෙද කලාප  සහ පොදු සේවා සේවක සංගමය, එක්සත් සමාජවාදී පක්ෂය, නව සම සමාජ පක්ෂය, ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය, සමාජවාදී ජනතා පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමාජවාදී සමානතා පක්ෂය, ජූලි වර්ජකයන්ගේ ඒකාබද්ධ සංවිධානය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුණ සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය යන දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති විසින් පවත්වනු ලබන මැයි දින රැළි සහ පෙළපාලි කොළඹ දී පැවැත්වේ.
සන්ධානයේ මැයි දින පෙළපාලිය නෙළුම්පොකුණ අසලින් මධ්‍යහ්න 12.00ට ආරම්භ වන අතර ශාන්ත බි‍්‍රජට් වටරවුම, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මාවත, ඇස් වාට්ටුව වටරවුම, ඞීන්ස් පාර, සීමන්ස් පාර, පුංචි බොරැුල්ල, බොරැල්ල හරහා බේස්ලයින් පාර ඔස්සේ කැම්බල් පිටියට ළ`වේ.
මහජන එක්සත් පෙරමුණේ මැයි දින පෙළපාලිය එම පක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පස්වරු 12.00ට  බොරැුල්ල ආයුර්වේද වටරවුම අසලින් ආරම්භ වී කාසල් වීදිය, ඞී. එස් සේනානායක වටරවුම, සේනානායක මංසන්ධිය ඔස්සේ පැමිණ කැම්බල් පිිටියේ පැවැත්වෙන සන්ධාන රැුලියට එක්වේ.ඊට අමතරව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්තීය සමිති සම්මේලනය, ශ‍්‍රී ලංකා නිදහස් රජයේ වෘත්තීය සමිති සම්මේලනය ඇතුළු එම පක්ෂයේ වෘත්තීය සමිති හා බහුජන සංවිධාන ද එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැලියට සහ පෙළපාලියට එක්වේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර මැයි දින රැුලියේ තේමාව ‘‘මව්බිම රැකගමු- නිදහස සුරකිමු’’ යන්නයි.
ආණ්ඩුවට සම්බන්ධ වාමාංශික පක්ෂ වන ලංකා සම සමාජ පක්ෂය, ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, ශ‍්‍රී ලංකා මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය යන පක්ෂවලින් සැදුම්ලත් සමාජවාදී ජනතා පෙරමුණ මෙවර සිය මැයි දින පෙළපාලිය සහ රැුලිය වෙනම පවත්වනු ලබයි. ඒ අනුව එම පක්ෂ සහ ඒවාට  අයත් වෘත්තීය සමිති, පක්ෂ ශාඛා සහ බහුජන සංවිධාන සම`ග එක්ව  මැයි දින පෙළපාලිය කිරුලපන ක‍්‍රීඩාංගනයෙන් පස්වරු 1.00 ට ආරම්භ කරන අතර රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් ක‍්‍රීඩාංගනයේදී පවත්වයි. ‘‘ජනාධිපතිවරණයට පෙර විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කරනු’’ යන සටන් පාඨය  තේමා කරගනිමින් පැවැත්වෙන එම මැයි දින රැලියේදී පක්ෂ නායකයින් වන අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, අමාත්‍ය ඞ්ව් ගුණසේකර, අමාත්‍ය වාසුදේව නානායක්කාර, වයඹ පළාත් සභා මන්ත‍්‍රී අසංක නවරත්න, පී.එන් පොඩිඅප්පුහාමි යන මහත්වරුන්  ජනතාව ඇමතීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂය මෙවර මැයි දින පෙළපාලි නොපවත්වන අතර එජාප වැඩ බලන නායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන්  මැයි දින රැුලිය අම්පාර නගරයේදී පස්වරු 2.00ට ආරම්භ වේ.  එම රැුලියේදී වැඩ කරන ජනතාව පිළිබ`ද යෝජනා හයක් පිළිබ`දව ආණ්ඩුවේ අවධානය යොමුකිරීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු, පළාත් සභා සහ ප‍්‍රාදේශීය මන්ත‍්‍රීවරු, පක්ෂ ක‍්‍රියාකාරීන් ඇතුළු  පක්ෂයට අනුබද්ධිත රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සියලූම වෘත්තීය සමිති මෙම මැයි දින රැලිය ස`දහා සහභාගී වනු ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ  මැයි දින පෙළපාලිය සහ රැලිය ‘‘ජනතා හ`ඩ- ජනතා බලය ගොඩන`ගන රතු මැයි රැුලිය’’ යන තේමාව යටතේ නව මුහුණුවරකින් පැවැත්වෙන බව පක්ෂයේ ප‍්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පැවසීය. වැඩකරන ජනතා බලවේග ඇතුළු ශිෂ්‍ය, ධීවර, ගොවි සංවිධාන හා වෘත්තීය සංගම් රැුසක් සහ වතු කම්කරු බලවේග සහ උතුරේ ජනතා නියෝජනයක් ද මෙම රැලියට සහභාගී වේ. ඒ අනුව එම පක්ෂයේ පෙළපාලිය මධ්‍යහ්න 12.00 ට දෙහිවල එස්. ද එස් ජයසිංහ ක‍්‍රීඩා පිටියෙන් ආරම්භ වන අතර රැලිය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ.ඞී ලාල්කාන්ත මහතාගේ ප‍්‍රධානත්වයෙන් පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ඉදිරිපෙළ නායකයින්ගේ සහභාගීත්වයෙන්  බී.ආර්.සී පිටියේදී පස්වරු 4.00ට ආරම්භ වේ.
මීට අමතරව උඩරට වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති 8 ක මැයි  රැුලි 8ක් ඌව, මධ්‍යම හා නැගෙනහිර පළාත් මුල් කරගනිමින් අද පැවැත් වේ. ඒ අතරින් ආණ්ඩුවට පක්ෂපාතී වෘත්තීය සමිති වන ලංකා කම්කරු කොංග‍්‍රසය, ක`දුරට ජනතා පෙරමුණ, වැවිලි කම්කරු කොංග‍්‍රසය, කම්කරු ජාතික සංගමය පවත්වන මැයි රැලි ස`දහා ආණ්ඩුවේ ප‍්‍රබල අමාත්‍යවරු සහ මන්ත‍්‍රීවරු සහභාගී වීමට නියමිත බව ද එම වෘත්තීය සමිති ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව ලංකා කම්කරු කොංග‍්‍රසයේ මැයි දින රැුලිය අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  බණ්ඩාරවෙලදී පෙරවරු 10 ට,  ක`දුරට ජනතා පෙරමුණ පක්ෂයේ හා වතු කම්කරු පෙරමුණේ රැලිය ශාන්තිනි දේවී චන්ද්‍රසේකරන් මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් තලවාකැලේ නගරයේදී පෙරවරු 9ට පැවැත්වේ. ජාතික කම්කරු සංගමයේ මැයි දින රැලිය පක්ෂ නායක පී. දිගම්බරන් මහතාගේ ප‍්‍රධානත්වයෙන්  හැටන් නගරයේදී පෙරවරු 10ට පැවැත්වේ. වැවිලි කම්කරු කොංග‍්‍රසය  බදුල්ලේදී, කම්කරු ජාතික සංගමය අම්පාරේදී සහ ලංකා වතු සේවක සංගමය මාතර දීත් මැයි රැලි පවත්වනු ඇත.

(දයා සෝමසිරි/ සුරේකා නිල්මිණි ඉලංගකෝන්/ දෙනගම ධම්මික රණවීර/ තිලක් පුෂ්පකුමාර/ එෆ්. අස්ලම්/ශාන්ත හුලංනුගේ-ආගරපතන)

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය