Powered by Blogger.


deth-bodyපස්සර පොලිස් වසමට අයත් හිඟුරුකඩුව, ලුණුගල ජනපදයේ ඉඩමක ළිඳක් ඉදිකරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු සෙනසුරාදා (03) සවස හදිසි අනතුරකට ලක්වීමෙන් මියගොස් ඇතැයි පස්සර පොලිසිය පවසයි. බත්තල, ලුණුගල ජනපදයේ, කටුතලා අරගම,‍යොවුන් ගම්මානයේ පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ අමරසිංහ
(50) සහ බුත්තල, ජනපදයේ අංක 03 ලිපිනයෙහි පදිංචි වීරසේකර මුදියන්සේලාගේ චන්ද්‍රසේකර (46) නැමැති විවාහක පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත.
මෙම දෙදෙනා ලුණුගල ජනපදයේ පාසල් ගුරුවරියකගේ ඉඩමක ළිඳක් ඉදි කිරීමේ කාර්යයකට උදවු කිරීමට ගොස් ඇත. ජේ.සී.බී යන්ත්‍රයක ආධාරයෙන් අඩි 18 ක් පමණ ගැඹුරට ළිඳ කපා එම යන්ත්‍රයේම ආධාරයෙන් විෂ්කම්භය අඩි 05 ක් හා උස අඩි 1 ½ ක් වූ කොන්ක්‍රීඩ් සිලින්ඩරයක් කපන ලද ළිඳට ගිල්වා ඇත. මෙම ළිඳට ගිල්වීම සඳහා තවත් එවැනිම සිලින්ඩරයක් ළිඳ මතුපිට ළිඳ ගැට්ට ආසන්යේ තිබී ඇත. මුලින් ගිල්වන ලද සිලින්ඩරය සකස් කිරීමට අදාල පුද්ගලයින් දෙදෙනා ළිඳට බැස ඇති අතර ඒ මොහොතේ ළිඳ ගැට්ටේ තිබුණු සිළින්ඩරය ළිඳ තුළට වැටී ඇත. එම සිලින්ඩරයට දෙදෙනා යටවී ඇතැයි පැවසේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය