Powered by Blogger.



අපේ සිනමාවේ සිටි දක්‍ෂතම රංගන ශිල්පියකු මෙන්ම හිත හොඳ මිනිසකු ලෙසද කා අතරත් ගෞරවයට පාත්‍ර වූ වින්සන්ට්‌ වාස්‌ දැයෙන් සමුගෙන මෙම 6 වැනිදාට වසර 10 ක්‌ පිරෙයි.



"අහංකාර ස්‌ත්‍රී" චිත්‍රපටයෙන් රංගනයට පිවිසි වින්සන්ට්‌ වාස්‌ චරිතාංග නිරූපනයෙහිලා අපූර්ව ප්‍රතිභාවක්‌ දැක්‌වූ රංගන ශිල්පියෙකි. ආචාර්ය ලෙස්‌ටර් ෙ-ම්ස්‌ පීරිස්‌ අධ්‍යක්‍ෂණය කළ සිනමාස්‌ සමාගම වෙනුවෙන් කේ. ගුණරත්නම් නිෂ්පාදනය කළ "සංදේශය" චිත්‍රපටයේ ආනන්ද ජයරත්න, ගාමිණී ෆොන්සේකා, හියුගෝ ප්‍රනාන්දු, ශේන් ගුණරත්න, කාන්ති ගුණතුංග, බන්දු ගුණසේකර, ආතර්Êවැන්ලෑන්බර්ග්, ඩේවිඩ් ධර්මකීර්ති වැනි කලාකරුවන් සමග රහස්‌ පණිවුඩකරු ලෙස කළ චරිතය විචාරක පැසසුමට ලක්‌විය. ආත්ම පූජා, ගැටවරයෝ, සංඛපාලි, බඹරු ඇවිත්, උතුමාණනි ඇතුළු චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවක්‌ විශිෂ්ට ලෙස රඟපාමින් අපේ සිනමාවේ නොමැකෙන මතකයක්‌ සටහන් කළේය. මිරානි, විලාල්, ජානකි, චින්තක (රංගන ශිල්පී) ඉනෝකා යන දරුවන්ගේ පියාණන් වූ වින්සන්ට්‌ වාස්‌ ගේ නාමය අප හදවත් තුළ හෙටත් ජීවත් වෙයි. තම පියාණන්ගේ ගුණ සමරුව පිළිබඳව ඔහුගේ පුත් චින්තක අපව දැනුවත් කළේය. (0716123631 ඔහුගේ දුරකථන අංකයයි)

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය