Powered by Blogger.

සමාජ වෙබ්අඩවි දවසින් දවස නිර්මාණය වෙමින් පවතී .මේ වනවිට ෆේස්බුක්, ට්වීටර් සහ  මේ සමාජ වෙබ් අඩවි දෙක හා සමානවInstagram සමාජ වෙබ් අඩවිය ද මේ වනවිට ලෝකයේ ප‍්‍රසිද්ධ තාරකාවන් විසින් පරිහරණය කරන සමාජ ජාලයකි . මෙහි විශේෂත්වය වන්නේ ජායාරූප අන්තර්ජාලයට මුදා හැරීම සඳහා විශේෂයෙන් මේInstagram සමාජ ජාලය බාවිතා කරන්නට බොහෝ දෙනෙක් සීඝ‍්‍රයෙන් ඇබ්බැහි වෙමින් පවතී.
 පසුගිය දිනක රිහානාගේ පින්තූරයක් මෙම සමාජ වෙබ් ජාලයේ පළවීමත් සමග ලොව ඇගේ රසික ජනතාව අන්ද මන්ද වන්නට විය. ලංකාවේ ද සමහර වෙබ් පුවත් පත් ජාල විසින් රිහානාගේ මේ පින්තූර ය දක්වා බැලූවෙ නැති දෑස් කුමටදැයි කියා මේ පින්තූරය පළ කර තිබිණි.


නුදුරේදීInstagram සමාජ ජාලය තහනම් කරන්නට බොහෝ ඉඩ කඩ ඇති විය හැකිය. මන්ද මේ වනවිට රිහානාගේ මෙවැනි නිරුවත් පින්තූර මෙම සමාජ වෙබ් අඩවියට මුදා හැරීමත් සමගInstagram සමාජ වෙබ් අඩවිය රිහානාගේ පින්තූරයෙන් දෙනු ලබන රූප සංඥාව ලොව පුරා සිටින සුවහසක් අන්තර්ජාල සැරිසරන්නන්ගේ අවධානයට යොමුවීම තුළිින් නිරුවත පිළිබඳව මාධ්‍ය තුළ පනවා ඇති නීති උල්ලංඝනය වන බව පවසා තිබේ.

එමෙන්ම විලාසිතා නිරූපණය හා නිරුවත එකිනෙකට සම්බන්ධව පවතින දෙයකි. නමුත් මෙම සමාජජාලය තුළ නිරුවත විලාසිතාවේ ආඛ්‍යානයක් බවට පත් කරගෙන ඇති බවක් පෙනෙන්නට ඇති බවට නැගෙන චෝදනාවකි.

මේ වනවිට රිහානාගේ පින්තූරය එම Instagram සමාජ ජාලයෙන් ඉවත් කර ඇත.
රිහානා මෙසේ උඩුකය නිරුවත්ව පෙනී සිටියේ L U I  නම් විලාසිතා සගරාවක් වෙනුවෙනි. පසුගිය දින කිහිපයේම රිහානාගේ අඩ නිරුවත් ජායාරුප රිහානාගේ සමාජ ජාලයන් හි දකින්නට ලැබුණි.මීට පෙරද රිහානා සහ ෂකීරා එක්ව කල ගීතයක් නිසා ලොවපුරා රසික රසිකාවියන් ගේ දැඩි අවදානයක් රිහානාටත් ෂකීරාටත් ලැබුණි. එම ගීතයෙන් සමලිංගිකත්වයටඇබ්බැහි වන්නට උත්තේජනයක් සපයනවාය යන්න මේ දෙනොගේ ගීතයට නැගුණු චෝදනාවකි.

නිරුවත ස්වභාවික සෞන්දර්යයකි. රිහානා තම සිරුරේ සෞන්ධර්යයට ඇති ඉල්ලූම ට අපුව ඇයගේ මිළ තීරණය කොට පෙනී සිටියි. නිරුවත දකින්නට දැක රස විඳින්නට කැමති ලොවපුරා මිිනිසුන් මේ නිරුවතෙහි සෞන්දර්යය විඳගනී. තවත් සමහරු නිරුවතෙහි සෞන්දර්යය රසවිඳිමක් බව නොදැන එහි කාමය පමණක් විඳිති .

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය