Powered by Blogger.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ අසාර්ථක ම කණ්ඩායම බවට මේ වන විට දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායම පත්ව තිබේ.
ඒ, ඔවුන් මෙතෙක් ක්‍රීඩා කළ තරග 11න් 9ක් ම පරාජය වීම හේතුවෙනි.
පසුගිය තරගාවලියේදී දිල්ලි ඩෙයාඩෙවිල්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් දැක්වූ අසාර්ථකත්ව නිසා මෙවර කණ්ඩායමට නවතම ක්‍රීඩකයින් තෝරා ගැනිණි.
කණ්ඩායමේ නායකත්වයට එංගලන්ත හිටපු පිතිකරු කෙවින් පීටර්සන් මිල දී ගනු ලැබුවේ, ඉන්දීය රු. කෝටි 9කට ය.
මෙවර තරගාවලියේ ඔහු දක්වන දක්ෂතා මත යළි එංගලන්ත කණ්ඩායමට එක්වීමට ද ඔහුට අවස්ථාවක් පැවතිණි.
ඊට අමතරව, දිනේෂ් කාර්තික් සඳහා ඉන්දීය රු. කෝටි 12.5ක අතිවිශාල මිලක් ගෙවනු ලැබූව ද ඔහුගෙන් අපේක්ෂිත මෙහෙය ඉටු නොවී ය.
ඊයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව ඔවුන් ලකුණු 62ක දැවැන්ත පරාජයක් ලැබී ය.
යම් මෙහෙවරක් ඉටු කිරීමට සමත් වූයේ, ජේ.පී. ඩුමිනි පමණි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කණ්ඩායමේ නායක කෙවින් පීටර්සන් ප්‍රකාශ කළේ, මෙය කණ්ඩායමේ සියලු ම ක්‍රීඩකයින්ගේ දුර්වලතාවක් බව ය.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය