Powered by Blogger.

පසුගිය මැයි දිනයේදී විදෙස්ගත කොටි හිතවාදීන් විසින් ජර්මනියේදී මැයි පොලපාලියක් සහ රැළියක් පැවැත්වීය.
එහි විශේෂත්වය වී තිබුණේ කොටි නායක වේළුපිල්ලේ ප‍්‍රභාකරන්ගේ විශාල ප‍්‍රමාණයේ අනුරූ සඳහා පෙලපාලියේ වැඩි මූලිකත්වයක් දී තිබීමයි.
Prabha-May-02 Prabha-May-03 Prabha-May-04
කෝච්චිය තිරිංග තදකර ඇත්තේ අනතුරට තත්පර අටකට කලින් බව හෙළිවේ

කෝච්චිය තිරිංග තදකර ඇත්තේ අනතුරට තත්පර අටකට කලින් බව හෙළිවේ පසුගියදා කුරුණෑගල පොතුහැරදී සිදුවූ දුම්රිය අනතුරේදී නවතා තිබූ දුම්රිය සමඟ ගැටුණු පලෙයි බලා යමින් තිබූ ‘දැයට කිරුළ’ ශීඝ්‍රගාමී දුම්රියෙහි තිරිංග තදකර ඇත්තේ අනතුර වීමට තත්පර 08 ක්‌ වැනි ඉතා අඩු කාලයකට පෙර බව හෙළිවී ඇත.
කිසිසේත්ම එවැනි කාලයකදී තිරිංග තද කිරීමෙන් අනතුරක්‌ සිදුවීම වළක්‌වා ගැනීමට නොහැකි බවත් අනතුර සිදුවන විට දුම්රිය පැයට කිලෝමීටර් 55 ක පමණ වේගයකින් ධාවනය වී ඇති බවත් පටිගතව තිබෙන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

එක පවුලේ තිදෙනෙක් කපා කොටා මරා දමලා
එක පවුලේ තිදෙනෙක් කපා කොටා මරා දමලා තියිණු අවි ආයධු වලින් කපා කොටි යාපනය, අච්චුවේලි ප්‍රදේශයේ එක පවුලේ තිදෙනෙකු ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
අද අළුයම 01.30ට පමණ වූ මෙම සිදුවීමෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
මිය ගොස් ඇත්තේ මව, දියණිය සහ පුත්‍රයායි.

‘හරිත ඉදිකිරීම්’ සම්මානයෙන් පිදේ
‘හරිත ඉදිකිරීම්’ සම්මානයෙන් පිදේ ‘හරිත ඉදිකිරීම් සම්මාන 2013′ (Green building Awards 2013) සම්මාන ප්‍රදානෝත්සවය පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ හා ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා හරිත ඉදිකිරීම් කවුන්සිලය (Green building Council of Sri Lanka)විසින් ප්‍රථම වරට පරිසර හිතකාමී අයුරින් ඉදිකිරීම් කටයුතු සිදු කරන්නන් අගය කිරීම සඳහා මෙම සම්මාන ප්‍රදානය කිරීම සිදුවේ.

 විවාහයට පෙර අතිරේක ප්‍රශ්නයක් ; වකුගඩු රෝගියෙක්ද?
විවාහයට පෙර අතිරේක ප්‍රශ්නයක් ; වකුගඩු රෝගියෙක්ද? වකුගඩු රෝගය බහුලව පැතිර පවතින ගම්මානවල තරුණ තරුණියන්ට විවාහ යෝජනාවක් ගෙන ඒමේ දී, ඔහු හෝ ඇය වකුගඩු රෝගියෙක් දැයි විමසීමේ සංස්කෘතියක් දැන් නැගෙනහිර  ගම්මාන වල නිර්මාණය වී තිබෙන බව නැගෙනහිර පළාත් සෞඛ්‍යය ඇමති එම් .එල්. මොහොමඩ් පෙන්වා දෙයි.
වකුගඩු රෝගීන් බහුලව සිටින ප්‍රදේශයක් ලෙස වාර්තා වෙන ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී ශෝබා කුඹුරේගම වකුගඩු රෝගීන් ගැන විමර්ශනයක යෙදී සිටින අතර, එම රෝගය වැළඳීමට ජානමය බලපෑමක් ද ඇති බවයි ඇය පෙන්වා දෙයි.
වෛද්‍යවරිය තවදුරටත් කියා සිටියේ, අදාළ විමර්ශන සඳහා කාලය හා පහසුකම් ප්‍රශ්නයක් වී ඇතත් තමා එම කාර්යයෙහි දිගටම නිරත වී සිටින බවයි.
මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ පළාතේ සෞඛ්‍යය ඇමතිවරයා රෝගය ව්‍යාප්ත වීමට නියත හේතුව කුමක් දැයි තවමත් පරීක්ෂා කෙරෙමින් ඇතැයි කියා සිටියේය.
ගම් වැසියන් කියා සිටින්නේ, ගොවිතැනට යොදන කෘෂි රසායනික ද්‍රව්‍ය හේතුවෙන් පළාතේ වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් ඇති බවයි.

 තිසර වෙනුවට ශමින්ද.
අයර්ලන්තයේ සහ එංගලන්තයේ සංචාරයේ නිරතවන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ මුල් අදියර සඳහා තිසර පෙරේරා වෙනුවට ශමින්ද එරංග වේග පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට එක්වනු ඇති. අයර්ලන්ත සංචාරය සඳහා තිසර පෙරේරාගේ වීසා ප‍්‍රමාදයක් ඊට හේතුවී ඇති බව ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ප‍්‍රකාශ කළා. කෙසේ නමුත් තිසර පෙරේරා මේ මස අවසානයේ එංගලන්ත සංචාරය සඳහා එක්වීමට නියමිතයි. ශ‍්‍රී ලංකා පිල අයර්ලන්තයේ ඩබ්ලින් නුවරට ඊයේ ළඟාවූ අතර ශමින්ද එරංග අද අයර්ලන්තය බලා නික්මෙනු ඇති. අයර්ලන්ත සංචාරය සඳහා මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, රංගන හේරත්, ලසිත් මාලිංග සහ තිලකරත්න ඩිල්ෂාන් යන ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විවේක ගැන්වීමටයි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ. අයර්ලන්තය සහ ශ‍්‍රී ලංකාව අතර පළමු එක්දින තරඟය මැයි 6 වැනිදා ඩබ්ලින් නුවරදී පැවැත්වීමට නියමිතයි.

ලක්ෂ 25 ක භාණ්ඩ සොරකම් කළ සැකකරුවන් දෙන්නා බදුල්ලේදී අත්අඩංගුවට.
අතුරුගිරියේ පෞද්ගලික වෙළඳ මධ්‍යස්ථානයක් කඩා රුපියල් 25 ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් භාණ්ඩ සොරාගත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් බදුල්ලේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා. අපේ‍්‍රල් 25 වැනිදා ඔවුන් මෙම සොරකම සිදුකර තිබූ අතර එහිදී ඔහු විසින් සොරා ගත් භාන්ඩ තොගයක්ද පොලීසිය සොයාගෙන තිබෙනවා. ලැප්ටොප් පරිඝනක 11 ක්, රූපවාහිනී 4 ක්, ජංගම දුරකථන 8 ක් ඒ අතර වන බව සඳහන්. එක් සැකකරුවෙකු බදුල්ල නගරයේදී අත්ඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ලද තොරතුරකට අනුව අනෙක් සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇත්තේ හාලිඇල ප‍්‍රදේශයේදියි

මාතර පාලූ නිවසකින් තරුණියකගේ මළ සිරුරක්.
මාතර - කැකුණදුර - සිල්වෙස්ටර්වත්ත ප‍්‍රදේශයේ පාලූ නිවසක තිබී ඝාතනය කරන ලද තරුණියකගේ මළ සිරුරක් ඊයේ සොයාගෙන තිබෙනවා. මාතර පොලිසිය සඳහන් කළේ ප‍්‍රදේශයේ තරුණ පිරිසක් විසින් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මත එය සොයාගත් බවයි. සිල්වෙස්ටර්වත්ත ප‍්‍රදේශයේම පදිංචි ඇය අතුරුදන් වී ඇති බවට දෙමව්පියන් විසින් පසුගිය 01 වැනිදා මාතර පොලිසියට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් ඇය සමඟ පේ‍්‍රම සම්බන්ධතාවයක් පැවැත් වූ තරුණයෙකුගෙන්ද ප‍්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇති බව මාතර පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු හිරු ප‍්‍රවෘත්ති අංශයට කියා සිටියා.

ඇෆ්ගනිස්ථාන භූ කම්පනයේ ජීවිතාරක්ෂක මෙහෙයුම අවසන්. 
ඊසාන දිග ඇෆ්ගනිස්ථානයේ බදෂ්ඛාන් ප‍්‍රාන්තයේ ගම්මානයක් මුළුමනින්ම ගිලගත් භූ කම්පනයේ ජීවිතාරක්ෂක මෙහෙයුම දැන් නතර කර තිබෙනවා. තවදුරටත් දිවි ගලවාගත් පුද්ගලයන් පිළිබඳ බලාපොරොත්තු තැබිය නොහැකි බවයි ඇෆ්ගන් බලධාරීන් ප‍්‍රකාශ කළේ. මේ අනුව භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2500 ඉක්මවනු ඇති. සිකුරාදා රාත‍්‍රියේ සිදුවූ භූකම්පනයෙන් අබ් - බාරික් ගම්මානය සමූහ මිනීවලක් බවට පත්ව ඇති බවයි විදෙස් වාර්තාකරුවන් සඳහන් කළේ. දිවි ගලවාගත් පුද්ගලයන්ට අවශ්‍ය කූඩාරම්, ආහාර සහ ජලය දැන් ලැබෙමින් පවතින බව සඳහන්

රාජස්ථාන් සහ මුම්බායි දිනයි.
ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟාවලියේ තරඟ දෙකක් ඊයේ පැවති අතර පළමු තරඟයෙන් රාජස්ථාන් රෝයල්ස් පිල කඩුලූ 7 ක ජයක් වාර්තා කළේ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමට එරෙහිවයි. දිල්ලි පිල කඩුලූ 5 ක් දැවී ලකුණු 152 ක් රැස් කළ අතර රාජස්ථාන් පිල පන්දු වාර 18 යි පන්දු 3 කදී කඩුලූ 3 ක් පමණක් දැවී ලකුණු 156 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා.

දෙවන තරඟය පැවැත්වුණේ මුම්බායි ඉන්දියන්ස් පිල සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් පිල අතරයි. එහිදී මුම්බායි පිල, මෙවර අයි.පී.එල්. තරඟාවලියේ  සිය ප‍්‍රථම ජයග‍්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා. පන්ජාබ් පිල සිය පන්දු වාර විස්ස තුළ කඩුලූ 5 ක් දැවී ලකුණු 168 ක් රැස් කළා. එහිදී මුම්බායි පිල වෙනුවෙන් හර්බජන් සිං ලකුණු 34 කට කඩුලූ 2 ක් බිඳ හෙලූ අතර  ලසිත් මාලිංග ලකුණු 25 කට එක් කඩුල්ලක් බිඳ හෙලූවා. මුම්බායි පිල පන්දු වාර 19 යි එක් පන්දුවකදී කඩුලූ 5 ක් දැවී ලකුණු 170 ක් ලබමින් තරඟයේ ජය හිමිකරගත්තා

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය