Powered by Blogger.

විකට චිත්‍රපටයක් මුලට
අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතරේ මේ සතියේ අංක එක හිමිකර ගෙන සිටින්නේ නිකොලස් ස්ටොලර්ස් අධ්‍යක්ෂණය කළ Neighbors චිත්‍රපටය යි. පසුගිය මැයි 09 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ හාස්‍යමය කතා පුවතක් ගෙන එන මෙම චිත්‍රපටය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 51.1ක්. සෙත් රෝගන්, රෝස් බයිර්නි, සැක් එෆෝර්න් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති.
දෙවැනි ස්ථානය හිමි වන්නේ පසුගිය මැයි 02 වැනිදා තිරගත වීම ඇරඹූ ක්‍රියාදාම චිත්‍රපටයක් වන The Amazing Spider – Man 2  චිත්‍රපටයටයි. පසුගිය සති අන්තය වන විට එය ඩොලර් මිලියන 37.2ක ආදායමක් උපයාගෙන තිබුණි. නික් කැසවෙට්ස් අධ්‍යක්ෂණය කළ The Other Woman තෙවැනි ස්ථානයට පැමිණෙන්නේ සති පසුගිය සතිය අන්තයේදී ඩොලර් මිලියන 9.2ක ආදායමක් වාර්තා කරමිනි. පසුගිය අප්‍රේල් 25 වැනිදා සිට ආමරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ එහි කැමරොන් ඩයස්, ලෙස්ලි මාන්, කේට් අප්ටන් ප්‍රධාන චරිත නිරූපණය කරති. පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 7ක ආදායමක් ලද Heaven Is For Real  චිත්‍රපටයට බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර සිව්වැනි ස්ථානය හිමි වී ඇත. පස්වැනි ස්ථානයේ සිටින්නේ Captain America : The Winter Soldier චිත්‍රපටය යි. එය වාර්තා කළ සති අන්ත ආදායම ඩොලර් මිලියන 5.6කි.
පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන Rio - 2 හයවැනි ස්ථානයට පැමිණෙන විටදී හත්වැනි ස්ථානයේ සිටින්නේ හාස්‍යමය කතා පුවතක් රැගෙන එන Moms’ Night Out  චිත්‍රපටය යි. ඇන්ඩෘ අර්වින් සහ ජොන් අර්වින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ සාරා ඩ්‍රීව්, සීන් ඇස්ටින්, ප්‍රැටීෂියා හීටන් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. පසුගිය 09 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය පළමු සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 4.2කි.
පසුගිය මැයි 09 වැනිදා අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ Legends of Oz : Dorothy’s Return චිත්‍රපටය පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 3.7ක ආදායමක් ලබා අටවැනි ස්ථානයට පැමිණ තිබේ. පරිගණක සජීවකරණ සංගීතමය චිත්‍රපටයක් වන මෙහි අධ්‍යක්ෂණය විල් ෆින්, ඩොන් සෙන්ට් පිරේ විසිනි. විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක් වන Divergent නමවැනි ස්ථානයට පැමිණ තිබේ. කැමලි ඩෙලාම්රේ අධ්‍යක්ෂණය කළ ක්‍රියාදාම චිත්‍රපටයක් වන Brick Mansions අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට අතර දසවැනි ස්ථානයේ රැඳී සිටියි. The Quiet Ones, The Grand Budapest Hotel,God’s Not Dead යන චිත්‍රපට මෙවර මුල් චිත්‍රපට දහය අතරින් ඉවතට ගොස් ගොස් ඇති චිත්‍රපට වේ.

0 comments

Post a Comment

මෙතෙක් අය ආපු අය

දැන් ඉන්න අය